එක්සත් ජාතික පක්ෂය ඉතා සාධාරණ මැතිවරණයක් පවත්වනවා | දිනමිණ

එක්සත් ජාතික පක්ෂය ඉතා සාධාරණ මැතිවරණයක් පවත්වනවා

එක්සත් ජාතික පක්ෂය ඉතා සාධාරණ මැතිවරණයක් පවත්වන බවත් අතීතයේ රට තිබුණු තත්ත්වය අමතක නොකර සාධාරණ මැතිවරණයක් සඳහා සියලු දෙනාට ආරාධනා කරන බවත් අැමැති සාගල රත්නායක මහතා පැවසීය

අැමැතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, මාලිම්බඩ, හක්මන යන ප්‍රාදේශීය සභා සහ වැලිගම නගර සභාව සඳහා නාම යෝජනා පත්‍රඊයේ (14) ලබාදීම දෙමිනි.

එම අවස්ථාවට මුදල් හා ජනමාධ්‍ය අැමැති මංගල සමරවීර, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ යන මහත්වරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැතිඇමැතිවරුන් රැසක්ද එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අැමැති සාගල රත්නායක මහතා මෙසේ සඳහන් කෙළේය.

අවුරුදු 2 ට කලින් අපි නාම යෝජනා බාරදීලා ආණ්ඩුවක් බිහිකරලා රට ගොඩනැගීමේ කාර්ය භාර්ය ආරම්භ කළා.ඒ වෙනුවෙන් මාතර දිස්ත්‍රික්කය විදියට, අපි විශාල වගකීමකින් යුතුව කටයුතු කළා. අපි එදා ආරම්භ කරපු කාර්යභාර්ය සාර්ථකව ඉදිරියට ආපු නිසා තමයි රටේ ජනතාවට සාධාරණව ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් ඇති වුණේ. ඒ තත්ත්වය අපි ඉදිරියටත් පවත්වාගෙන යනවා.

අපි රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වය හොඳ තැනකට ගෙන එන්න කටයුතු කරනවා. ඒ සඳහා ගම ගොඩනගන කටයුක්ත ශක්තිමත්ව කරන්නයි පුංචි ආණ්ඩු ටිකත් අපි ලබා ගන්න යන්නේ. අපි බොහොම සාධාරණව මැතිවරණය සිදු කරනවා. මම කියන්නේ ජනතාව අතරට ගිහින් මැතිවරණය කරන්න. හැබැයි ගහ මරාගන්නේ නැතිව සාධාරණ මැතිවරණයක් කරන්න කියලයි.

ඒ වගේම කියන්න කැමතියි දැන් සමහරුන්ට අපි බලයට එන්න කලින් මේ රටේ තිබුණු වාතාවරණය අමතක වෙලා. ඒ වගේම තමයි කොන්ත්‍රාත් කරලා එදා සීග්‍රයෙන් දියුණු වෙච්ච පිරිසත් අද රටේ ජනතාවට අමතක වෙලා. මම ජනතාවට කියනවා මිට අවුරුදු දෙකකට කලින් මේ රට තිබුණු තැන ගැන අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට සාධාරණව ඔලුව උස්සන්න පුළුවන් සමාජයක් ගොඩනැගීමයි.

නව අදහස දක්වන්න