සර්පයන් 1000කට බේත් කළ අපේ කාලේ බුද්ධදාස | දිනමිණ

සර්පයන් 1000කට බේත් කළ අපේ කාලේ බුද්ධදාස

 මිනිසුන්ට පමණක් නොව විෂඝෝර සර්පයන්ටත් එකසේ ප්‍රතිකාර කරන, දයාව, කරුණාව දක්වන අපූරු වෛද්‍යවරයෙක් ගම්පළ මූලික රෝහලේදී හමුවිය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අතුළත්ව වෛද්‍ය උපාධිය ලබාගත් චාමර මහතා පාසල් යන කාලයේ සිටම සර්පයින්ට බො‍හෝසේ කරුණාව දැක්වූවෙකි.

රෝගීවූ හෝ අනතුරකට පත්ව සිටින සර්පයෙක් දුටුවිට ඌට ප්‍රතිකාර කර සර්පයා සනීප වූ පසු ඌ ජීවත්වීමට සුදුසු පරිසරයකට මුදාහැරීම ද මේ වෛද්‍යවරයාගේ කාර්යයවේ.

මේ පිළිබඳව වෛද්‍ය රංග චාමර මහතා මෙසේ කීය.

සර්පයෙක් අපිට දෂ්ට කරන්නේ ඒ සතාගේ ආරක්ෂාවටයි. නාගයා දෂ්ට කිරීමට පෙර යම් ශබ්දයක් නගන්නේ දෂ්ට කිරීමට පෙරයි. සර්පයින් දැක්කාම අනියත බියක් ඇති කරගෙන සමහරු සර්පයින් මරා දමන්න උත්සාහ කරනවා. සර්පයින් පන්න පන්නා දෂ්ට කරන්නේ නෑ. සර්පයින් අපි ළඟට ඒම වළක්වා ගත හැකි නම් අපිට සර්ප දෂ්ටනයෙන් වැළැකී සිටිය හැකියි.

සර්ප දෂ්ටනයට ලක්වූ රෝගියාට ප්‍රතිකාර කරන්නට සර්පයා ගෙනයාමට අවශ්‍යම නෑ. සර්පයා ගෙනාවත් නැතත් රෝගියාට ප්‍රතිකාර කරන්නට වෛද්‍යවරුන්ට හැකියි. සර්පයා මරන්නට කාලය නාස්ති කිරීම රෝගියාගේ තත්ත්වය බරපතළ වීමක්.

ඕනෑම විෂඝෝර සර්පයෙකු අල්ලා ගන්නට දක්ෂතාවයක් ඇති මේ වෛද්‍යවරයා මේ වනවිට සර්පයින් දහසකට වැඩි ප්‍රමාණයක් අල්ලා ඇතත් මේ වනතුරු සර්ප දෂ්ටනයකට ලක්වී නොමැති බව පැවසීය.

සටහන සහ ඡායාරූපය - දෙහිඅත්තකණ්ඩිය සමූහ

 

නව අදහස දක්වන්න