පුස්තකාලය පිටුපස තිබූ විශාල සඳුන් ගස කපලා | දිනමිණ

පුස්තකාලය පිටුපස තිබූ විශාල සඳුන් ගස කපලා

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ පුස්තකාලය පිටු පස තිබු විශාල සඳුන් ගසක් (30) සෙනසුරාදා දින අලුයම 1.00-2.00 අතර කාලය තුළ කිසියම් පිරිසක් පැමිණ කපා ගෙන ගොස් ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

මෙදින මුරකමින් සිටි අයට පිහියක් සහ පිස්තෝලයක් පෙන්නා බිය ගන්වා ඔහුගේ දුරකථනය විදුලිපන්දම සහ අනෙකුත් ලියිකියවිලි රැගෙන මුහුණ තොප්පියකින් වසා මුර කුටියේ සිරකර මෙම සඳුන් ගස කපා ඇති අතර මේ සඳුන් ගසේ කඳ ගෙන යෑමට ගේට්ටුව ද කඩා ඇති බව කියති.

මෙම ගසේ වට ප්‍රමාණය අඩි තුනකනට වැඩි බව කියන අතර,මෙහි වටිනාකම ලක්ෂ පහකට අධික වනු ඇතියි විස්වාස කරයි.මීට පෙර ද මෙම ස්ථානයේ තිබුන සදුන් ගසක් කපා ගෙන තොස් ඇත. හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති එම්.පී. ද සිල්වා මහතා ගේ මෙහෙය වීම යටතේ පොලිස් පරික්ෂණ පවත්වා ගෙන යයි.

ඡායාරූප - හල්දුම්මුල්ල සමුහ
සිරිල් සෙනෙවිරත්න හා බළන්ගොඩ විශේෂ 

නව අදහස දක්වන්න