වවුනියාවේ පාසලකට-පිරිවෙනකට පොත් ප්‍රදානයක් | දිනමිණ

වවුනියාවේ පාසලකට-පිරිවෙනකට පොත් ප්‍රදානයක්

වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

කුරුණෑගල උඩුබද්දාව හේනේගෙදර ''සහජීවන සංවර්ධන පදනම'' යුද්ධයෙන් පීඩාවට පත්වූ වවුනියාව ප්‍රදේශයේ පාසලක් හා පිරිවෙණක් තෝරාගෙන ඒවායෙහි ඉගෙනුම ලබන සිසු දරුවන්ට පොත්පත් බෙදා දීම පසුගියදා එම සංවිධානයේ සාමාජිකයන් විසින් සිදු කරන ලදී.

වවුනියාව කුඩාකච්චකොඩිය විද්‍යාලය හා වවුනියාව මඩුකන්ද ශ්‍රී ධම්මරතන විද්‍යාතන පිරිවෙන මේ පොත් බෙදා දීම සඳහා තෝරාගෙන තිබූ අතර ''සහජීවන සංවර්ධන පදනමේ'' සභාපති සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂය පිළිබඳ දේශක නන්දන සංජීව මහතා මෙහිදී පැවසුවේ තම පදනම 33 වෙනි වරට පාසල් ළමයි සදහා මේ වර්ෂයේ පොත් බෙදාදීම සිදු කරන බවයි.

වවුනියාව කුඩාකච්චකොඩිය විද්‍යාලයේ සිසුන්ට පොත් බෙදා දීමේ අවස්ථාවට එම විද්‍යාලයේ විදුහල්පතිනිය වන කුමුදුනී නේපාලි බාලසූරිය මහත්මිය හා ආචාර්ය මණ්ඩලය සහභාගි වූ අතර සහජීවන පදනමේ සාමාජිකයන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක්ද සංවිධාන කොට තිබුණි.

නව අදහස දක්වන්න