රටේ බලය තියෙන පක්ෂයට ගම හදන්නත් ඡන්දය දෙන්න | දිනමිණ

රටේ බලය තියෙන පක්ෂයට ගම හදන්නත් ඡන්දය දෙන්න

පළාත් පාලන මැතිවරණය මෙවර කොට්ඨාශ මට්ටමින් පැවැත්වෙන නිසා එය සුවිශේෂීයි.

රටේ ලොකු අවශ්‍යතාවක් සපුරමින් මෙවර සෑම කොට්ඨාශයකටම මන්ත්‍රීවරයකු ලැබෙනවා.

මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති සරත් ඒකනායක මහතා මේ බව පවසන ලද්දේ ගිනිගත්හේනේදි පැවැති රැස්විමක් අමතමිනි.එහිදි වැඩි දුරටත් කතා කළ සරත් ඒකනායක මහතා මෙසේද කීය:

මේ මැතිවරණය ගමට නායකයෙක් තෝරන මැතිවරනයක් නිසා සිල් රෙදි බෙදන්න වැඩක් නැහැ පාප්ප හදන්න පොස්ටර් ගහන්න අවශ්‍ය නැහැ මෙහිදි ගමට වැඩක් කර ගන්නනම් රටේ පාලනය පවතින පක්ෂයට ජන්දය දිය යුතුයි.

ජනාධිපති නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයයි. මධ්‍යම පළාත් ප්‍රධාන ඇමති නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයයි. එහෙමනම් මේ පළාත් පාලන ආයතනත් එක්සත් ජනතා නිදහස් සංධානයම දිනිය යුතුයි.

එවිටයි ගමට වැඩක් කර ගැනිමට හැකි වන්නේ මෙහි මාර්ග අබලන් බව කියනවා හගරාපිටිය හරහා ශ්‍රිපාද මාර්ගයත් ලක්ෂපාන මාර්ගයත් අබලන් බව කියනවා මෙම මාර්ග දෙකම ජනාධිපතිතුමන්ගේ ශ්‍රිපාද පුජා භුමි වැඩ සටහන යටතේ නවිකරණය කිරිමට සැලසුම් කර තියෙනවා. මෙහි අධ්‍යපනය දියුණු කිරිමට අපි සැලැසුම් කර තියෙනවා පළාතේ ප්‍රධාන ඇමති විදියට මම මේ වන විට මෙහි අධ්‍යාපනය දියුනු කිරිමට විශාල ලෙස කටයුතු කර තිබෙනවා මෙය ඉදිරියටත් කර ගෙන යාමට ගමේ බලයත් අවශ්‍ය බව කියන්න.2015 ජනවාරි 08වන දිනට පෙර අපි හිටියේ මහින්ද රාජපක්ෂ මහතා සමගයි එදා එතුමා පැරදුන විට අපිට දැඩි දුකක් දැනුනා එදා සමහර අය කිව්වා අපේ නායකයා පැරදුනොත් ඔහු විදුලි පුටුවේ හිදුවන බව.

ඔහු පැරදුනා කොහේද විදුලි පුටුව කොහේද යුඑන් එක අද ඔබලාට ඡන්දය ඉල්ලන්න පහසුයි ඡන්දය ඉල්ලන්න කාගේවත් පිංතුර ගහාන්න අවශ්‍ය නැහැ

මෙහිදි නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ සභාපති ඩබ්ලිව්. ජි. රණසිංහ මහතාද කතා කළේය.

මෙහිදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාලන කාලය සඳහා එක්සත් ජනතා නිදහස් සංධානයේ ගමේ නායකයන් ලෙස අපේක්ෂකයන්ට පත්විම් ලිපි බාර දිමද සිදු විය. 

හැටන් මධ්‍යම වීශේෂ

නව අදහස දක්වන්න