වත්මන් ජනපති ධුර කාලය වසර 5යි | දිනමිණ

වත්මන් ජනපති ධුර කාලය වසර 5යි

 වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ (15) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සිය ධුර කාලය පිළිබඳ මත දෙකක් රටේ පැවැතීම හේතුවෙන් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිවැරදි මතය විමැසීමට පියවර ගනු ලැබුවේය.

ජනාධිපති ධුරකාලය වසර පහ කට සීමා කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය ක්‍රියාත්මක වීමට පෙර වසර හයක නිල කාලයක් සඳහා ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 දා දිවුරුම් දී තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 129 (1) වගන්තිය මඟින් තමාට ලබාදී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් එවන ලද මත විමසුම අගවිනිසුරු ප්‍රියසාත් ‍ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ආබෲ, ‍කේ. ටී. චිත්‍රසිරි යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඉකුත් 11 වැනිදා සලකා බැලිණි.

ඉන්පසුව මේ විනිසුරු මඩුල්ල විසින් ජනාධිපතිවරයාට හිමි නිල කාලය පිළිබඳව මතය දැනුම් දී තිබේ. 

නව අදහස දක්වන්න