සිංගප්පූරු අගමැති ලබන සතියේ දිවයිනට | දිනමිණ

සිංගප්පූරු අගමැති ලබන සතියේ දිවයිනට

නිල සංචාරයක් සඳහා සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
 
සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය ලී ෂීයෑන් ලුං මහතා ලබන 22 වන දින මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
 
සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා දින දෙකක කාලයක් මෙරට රැදී සිටීමට නියමිත අතර එම කාලය තුළ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

නව අදහස දක්වන්න

Or log in with...