නිල ඡන්ද පත්‍රිකා අනිද්දා තැපෑලට | දිනමිණ

නිල ඡන්ද පත්‍රිකා අනිද්දා තැපෑලට

නිල ඡන්ද පත්‍රිකා අනිද්දා (18)තැපෑලට යොමු කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ආර්. එම් . ඒ . එල් . රත්නායක මහතා පැවසීය.

තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය ලබන 28වනදා බව ඒ මහතා කියා සිටියේය.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ආර්. එම් . ඒ . එල් . රත්නායක මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය,

” ඡන්ද දායකයින් වෙත යැවීමට නියමිත නිල ඡන්ද පත්‍රිකා මේ මාසේ 18වෙනිදා තැපෑලට භාරදීමට නියමිතයි..අදාළ ගෘහයන් වෙත බෙදා හැරීම සඳහා එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනය හැටියට ජනවාරි මාසේ 28වෙනි ඉරිදා යොදාගෙන තිබෙනවා..ඒවගේම පෙබරවාරි මාසේ 4 වෙනිදා දක්වා නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීම සිදු කරනවා..එසේම එම කාලසීමාව තුළ කව්රු හෝ කෙනෙක් නිවසේ රැදී සිටීමෙන් එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගැනීමට සහය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්න කැමතියි…තැපැල් ඡන්ද පත්‍රිකා ලකුණු කිරීම සිදු වෙන්නේ දිවයිනේ සියලුම පොලීසි මැතිවරණ කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල 22වෙනි දිනත් රාජ්‍ය ආයතන වල සහ ආරක්ෂක අංශ ඇතුළු අනෙකුත් සියලුම ආයතන වල ජනවාරි මාසේ 25 සහ 26 දෙදිනත් තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙනවා..”

නව අදහස දක්වන්න