පොහොට්ටුවේ ජය වළකන්න හදනවා | දිනමිණ

පොහොට්ටුවේ ජය වළකන්න හදනවා

අනුර ප්‍රේමලාල්

පරාජය දකින ඇතැමුන් තර්ජනය හා ජනතාව මුලා කිරීම් මඟින් පොහොට්ටුවට ඡන්දය දැමීම වැළැක්වීමට උත්සාහ දරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පිරිස් මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ 08, පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහචාර්ය පීරිස් මහතා මෙසේ ද පැවසීය. මාදුළුවාවේ සෝභිත හිමියන්ට සමාජයීය වෙනසක් කරන්න අවශ්‍ය වුණා. අද උන් වහන්සේ ජීවතුන් අතර හිටියා නම් අපිටත් වඩා මොකක්ද මම රටට කරපු විනාශය කියලා කියනවා. ඇතැම් නායකයින්ට තියෙන්නේ බලලෝභය පමණයි. මේ රජය කැමැත්තෙන් දුන්න මැතිවරණයක් නෙවෙයි. කිසිසේත් බිය නොවී ඡන්දය භාවිත කරන්න. ජනතාවගේ අවුරුදු හයේ සිහිනය නිෂේධනය කළා වගේ අපි ජනතාවගේ ඡන්දය වෙනුවෙන් පෙනි සිටිනවා.

මේ අය දන්නවා ඔවුන් ජනතා පිළිකුලට ලක්ව සිටින බව. දැන් තර්ජනය කර බලහත්කාරයෙන් ජනතා ඡන්දය ලබා ගැනීමේ නින්දිත ප්‍රයත්නයක් ක්‍රියාත්මකයි. ඒ වගේම ජනතාව මුලා කිරිමත් අරඹලා.

සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු තුනකට පස්සේ හොරුන්ට නඩු දාලා ආර්ථිකය පියවා ගන්න බව කියනවා. එතුමාට එවැනි අවංක වුවමනාවක් තියෙනවා නම් බද්දක් ගහන්න පුළුවන්.

වැඩ කරන ජනතාවගේ මුදලත් සොරකම කළ මේ අයට 90%බද්දක් ගහන්න බැරි ඇයි. මේ රජය කවදාවත් මේ සමම්බන්ධයෙන් පියවරක්ගන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේ ටි‍්‍රලියන 10 මුදලක් විදේශීය ආදායම් විදියට ලැබිලා එයින් ටි‍්‍රලියන 9ක් අතුරුදන් වුණාලූ. හැන්සාඩ් කියවලා බලන්න.

අපි නිදහස් වෙළඳ ගිවිසුම්වලට විරුද්ධ නැහැ. නමුත් දේශීය ව්‍යාපාරිකයින්ට පාඩු වෙනවාට කැමැති නැහැ. අපි මේ එක් එක් ගිවිසුම් සම්බන්ධයෙන් ව්‍යාපාරික ප්‍රජාවගේ විද්වතුන්ගේ අදහස් විමසන්න පියවර ගන්නවා. මහාචාර්ය ඩබ්. ඞී ලක්ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත් කළා. ඒ කමිටුව කිව්වා සියලූම නිදහස් වෙළඳ ගිවිසුම්වලට බලපාන ප්‍රතිපත්ති රාමුවක් මේවා අත්සන් කරන්න පෙර සකස් කරන්නයි නිර්දේශ කළා. අපි එය අනුමත කරනවා. අනාගතයේ මහින්ද රාජපක්ෂ මහතාගේ රජයකදි අපි ඒ අනුව කටයුතු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා-ඒකාබද්ධ විපක්ෂයේ අපි නිරන්තරයෙන් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන හැටි සේවා අංශ කඩා වැටෙන හැටි, මුල්‍ය සමාගම් තැන්පත්කරුවන්ට මුදල්නොගෙවන හැටි, පාරේ කිරි හලන්න විම පිළීබදව හෙළි කළා.

නව අදහස දක්වන්න