සාලියපුරදී අභය දාන පින්කමක් | දිනමිණ

සාලියපුරදී අභය දාන පින්කමක්

වයස මාස දහයක පමණ ගව පැටියකුට අභය දානය ලබාදීමේ පින්කමක් අනුරාධපුර සාලියපුරදි පසුගියදා සිදු කෙරිණි. සාලියපුර ශක්ති සුබසාධක සමිතියේ සාමාජික සාමාජිකාවන් හා අවට ගම්වාසින්ගේ දායකත්වයෙන් මේ පින්කම සිදු කෙරිණි. මරණයට කැපව සිටි මේ එළගව පැටියා කෝලිබැන්ද වැව ප්‍රදේශයෙන් රුපියල් 22000ක පමණ මුදලකට මිලදි ගෙන ගම්වාසීන් එක්ව ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව සාලියපුර ප්‍රදේශයේ පදිංචිව සිටින එම්. පී. සුසන්ත කුමාර මහතාට භාර දෙන ලදී. සාලියපුර, මංගලගම සුමංගල රාජමහා විහාරයේ විහාරාධිපති පරගොඩ ඥානධජ හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු කළ මේ පුන්‍ය කටයුත්ත සඳහා සාලියපුර ශක්ති සුබසාධක සමිතියේ සභාපති ගාමිණි සමරකෝන් මහතා ඇතුළු ගම්වාසින් විශාල පිරිසක් එක්ව සිටියහ.

අනුරාධපුර මධ්‍යම සමූහ
අමිල ප්‍රභාත් වනසිංහ 

නව අදහස දක්වන්න