අයිතිය හිමි නැති කල්පිටිය බූරුවෝ | දිනමිණ

අයිතිය හිමි නැති කල්පිටිය බූරුවෝ

කල්පිටිය අර්ධද්වීපයේ වෙසෙන, ජෛව සම්පතකි කල්පිටියේ වල් බූරුවෝ.දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනයට පාත්‍රවන වල් බූරුවෝ ස්වාභාවික හේතු, මිනිස් ක්‍රියාකාරකම් සහ විවිධ හේතු පදනම් කර ගනිමින් ශීඝ්‍රයෙන් වඳ වෙමින් සිටිති. එක් අතකින්, කල්පිටි කළපු තෙර, කඩොලාන සෙවණ මෙන්ම, වැලි කඳු අතර නිම්න සිය ක්ෂේම භූමිය කර ගත් වල් බූරුවන්ට අද උන් හිටි තැන් අහිමිය.

කල්පිටි කළපු තෙර ඉස්සන් පොකුණු බිහි විය. වැලි කඳු වැලි ජාවාරම්කරුවන්ගේ නින්දගම් විය. මේ නිසා සෙවණ පතා බූරුවෝ ගම්, නගර, පාසල් සහ මහ මඟ ද ආක්‍රමණය කළෝය. අද කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ මාර්ග අනතුරු රැසකට බූරුවන් හේතුවී ඇත.

ගම් වැදුණු බූරුවෝ මිනිසුන්ගේ කැට කැබිලිති පහරට ලක්වෙති. උන්ට තම ගම් බිම් මෙන්ම, ආහාර ද අද අහිමිය. මැතිවරණ සමයේ දී පෝස්ටෙර් උලා කන බූරුවෝ, කැළි කසළ සහ ඉඳුල් ආහාර පිණි ද කති.

අතීතයේ දී ලුණු කර්මාන්තයේ ප්‍රධාන ප්‍රවාහකයින් වූ බූරුවෝ අද වෙනත් රාජකාරීයක යෙදෙති. එනම් පොල් වතු වළට වැද වැරෙන් හඩ තලා පොල් කුරුමිණියන් පලවා හරින බවට ජනප්‍රවාදයක් ඇත. මේ වන විට, වල් බූරුවන් සංරක්ෂණය කිරීමේ සැලසුමක් පේන මානයක නැත.

බූරුවන් පිළිබඳව අදහස් දැක්වූ කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක එම්.එම්.කේ.මොරතැන්න මහතා -

"වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතෙන් බූරුවා පැහැදිලිවම ගෘහ ආශ්‍රිත සත්වයකු වශයෙන් නම් කරලා තිබෙනවා . ඒ නිසා බූරුවාට අවශ්‍ය ආරක්ෂාව හෝ සංරක්ෂණය පනතින් ලැබෙන්නේ නැහැ.”

කල්පිටිය සමූහ 

 

නව අදහස දක්වන්න