මැ.කොමිසම දැනුම් දුන් පසු සභිකයන් පත් කරනවා | දිනමිණ

මැ.කොමිසම දැනුම් දුන් පසු සභිකයන් පත් කරනවා

පළාත් පාලන ආයතන සඳහා ලයිස්තුවලින් තේරී පත් වන සභික සංඛ්‍යාව මැතිවරණ කොමිසම මඟින් දැනුම් දුන් වහාම එජනිස හා ශ්‍රීලනිප පක්ෂ දෙකේ නිර්ණායක මත ආසන සංවිධායක හා දිස්ත්‍රික් නායකයින්ගෙන් විමසීමෙන් අනතුරුව මන්ත්‍රීවරු පත් කරන බවත් ඒ සඳහා දින කිහිපයක් ගත වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

එක් පක්ෂයකට තනිව පාලන බලය පිහිටුවිය නොහැකි පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරී පත් වු නියෝජිතයින්ට නිශ්චිත උපදෙස් හා මඟ පෙන්වීමක් කරනු ලබන බවත් මෙතෙක් එලෙස පාලන බලය පිහිටුවීම සඳහා කිසිඳු පාර්ශ්වයක් සමඟ එකඟතාවයකට පැමිණ නොමැති බවත් සන්ධානයේ ලේකම්, ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

මැතිවරණය පැවැත්වු පළාත් පාලන ආයතනවලින් 167 කට ආසන්න ප්‍රමාණයක පාලන බලය පිහිටුවීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ගේ සහයෝගය අවශ්‍ය වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද මහින්ද අමරවීර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක දැක්වේ. 

නව අදහස දක්වන්න