වෙඩි තැබීම් වැළැක්වීමට ගුරුවරුන් ආයුධ සන්නද්ධ කිරීමට යයි | දිනමිණ

වෙඩි තැබීම් වැළැක්වීමට ගුරුවරුන් ආයුධ සන්නද්ධ කිරීමට යයි

ෆ්ලෝරිඩා වෙඩි තැබීමෙන් පසු ට්‍රම්ප්ගෙන් අදහසක්

ගුරුවරුන් ආයුධ සන්නද්ධ කිරීමෙන් පාසල් තුළ සිදු වන වෙඩි තැබීම් වළක්වා ගත හැකි බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. පසුගිය දා ෆ්ලොරීඩා හි උසස් පාසලක සිදු වූ වෙඩි තැබීමෙන් පසු පාසල් තුළ ආරක්ෂාව මෙන්ම ආයුධ පිළිබඳ නීති පිළිබඳව ද ඇමෙරිකා තරුණ ප්‍රජාවෙන් බලධාරීන් වෙත දැඩි බලපෑමක් එල්ල කෙරිණි. ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් පවසන්නේ සේවක මණ්ඩලයේ අවියකින් එවන් ප්‍රහාරයක් වහාම අවසන් කළ හැකි බවයි. මේ අතර ෆ්ලොරිඩාවේ පාසලක සිදුවූ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් පිරිස NeverAgain ලෙස සංවිධානය වී , දැඩි අවි පාලන නීති ගෙනෙන ලෙස නීති සම්පාදකයන්ට බල කර සිටීම සඳහා ප්‍රාන්ත අග නගරය වූ ටලහසී වෙත පැමිණියහ. ඔවුන් ටලහසි නගරයට පැමිණ පැය කිහිපයකට පසු නීති සම්පාදක මණ්ඩලය මගින් ඉහත කී පාසල් ප්‍රහාරයේදී භාවිත කළ වර්ගයේ රයිෆල් තහනම ප්‍රතික්ෂේප කරනු ලැබීය. සියයක් පමණ වූ මෙම පිරිස මන්ත්‍රණ සභාව අසල විරෝධතා රැලියක් පැවැත්වීමට සහ නීති සම්පාදකයන් හමුවීමට තීරණය කළේ ඉන් පසුවය.

ආයුධ විරෝධී තරුණ පිරිසක් විසින්, ප්‍රහාරයකින් අනතුරුව මෙහෙයවනු ලබන පළමු සංවිධානාත්මක විරෝධතාව මෙය බව ඇමෙරිකාවෙන් වාර්තා වේ. තුවක්කු පාවිච්චියේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින ජාතික රයිෆල් සමාජයෙන් (NRA) මූල්‍යාධාර බාරගැනීම සම්බන්ධයෙන් නෙවර් අගේන් එකමුතුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු දේශපානඥයන්ට චෝදනා කරයි.

මෙම ව්‍යාපාරයට, ඕප්‍රා වින්ෆ්‍රී, ස්ටීවන් ස්පිල්බර්ග්, ජොර්ජ් සහ අමාල් ක්ලූනි වැනි ජනප්‍රිය පුද්ගලයන්ගේ සහාය ලැබෙන අතර මාර්තු 24 වැනිදා වොෂිංටනයෙදී පැවැත්වීමට සැලසුම් කර ඇති රැලියට ඔවුන් විශාල වශයෙන් මුදල් ප්‍රදානය කර ඇත. 

අදහස් 1ක් ඇත

kisima deyakata awi awassya natha! eya yuddayakata pamanaya! pasal sisunata mokatada? NAVER AGAIN§

නව අදහස දක්වන්න