රුසියානු ගුවන් යානාවක් සිරියාවේදී කඩා වැටෙයි | දිනමිණ

රුසියානු ගුවන් යානාවක් සිරියාවේදී කඩා වැටෙයි

සිරියාවේදී රුසියානු හමුදාවට අයත් ගුවන් යානාවක් කඩා වැටීමෙන් පුද්ගලයින් 39දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බීබීසී පුවත් සේවය සදහන් ක‍රයි.

ලටාකියා නගරයට නුදුරු මයිමිම් හමුදා කදවුරට යානය ගොඩබැස්සවීමේදී අනතුර සිදු වූ බවයි සිරියාවේ ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර ඇත.

කාර්මික දෝෂයක් අනතුරට හේතුවන්නට ඇති බව අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියකාමකය. ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වලට රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් සිය ශෝකය පල කර තිබේ.

නව අදහස දක්වන්න