ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය ඉවත් කළ ඉරාන කත දෙවසරක් හිරේ | දිනමිණ

ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය ඉවත් කළ ඉරාන කත දෙවසරක් හිරේ

හිජාබය අනිවාර්ය කිරීමේ නීතියට විරෝධය පළ කර ප්‍රසිද්ධියේ සිය මුහුණු ආවරණය ඉවත් කළ ඉරාන කාන්තාවකට වසර දෙකක සිර දඬුවමක් ලබා දී ඇති බව එරට නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

ඉහත කී කාන්තාවගේ අනන්‍යතාව ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර හර පද්ධතීන් විනාශ කිරීමට උරදීම සම්බන්ධයෙන් ඇය වරදකරු වී ඇති බව ඉරාන නීතිපති දෙපර්තමේන්තුව සඳහන් කරයි.

අදාළ කාන්තාවට ලබා දී තිබු සම්පූර්ණ දඬුවමෙන් මාස 21 අත්හිටුවා ඇති බව කී රජයේ නීතිවේදී අබ්බාස් ජෆාරී වැඩිදුරටත් සඳහන් කළේ ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය කෙරෙන බවය.

පසුගිය සති කීපය තුළ ඉහත කී ආකාරයේ අත්අඩංගුවට ගැනීම් ගණනාවක් ඉරානයෙන් වාර්තා වී ඇත.

ප්‍රසිද්ධ ස්ථානවලදී මුහුණු ආවරණය කර සිටීම සම්බන්ධයෙන් පවතින දැඩි නීතිවලට අවනත වීම ප්‍රතික්ෂේප කළ එකී කාන්තාවන් නඩු පැවරීමකින් තොරව පසුව නිදහස් කරනු ලැබ තිබේ. ටෙහෙරාන් අගනුවරදී පසුගිය බදාදා සිර දඬුවමට යටත් කළ කාන්තාව සමා කාලයකින් තොරව මාස තුනක කාලයකට බන්ධනාගාර ගත කෙරිණි.

“ඇයට දීර්ඝකාලීන වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය කර තිබෙනවා. ඇය මානසික වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි යනුවෙන් නීතිවේදී අබ්බාස් ජෆාරී සඳහන් කළේය.

නව අදහස දක්වන්න