අම්පාරේ අසරණ මව‍ට සහ දරු දෙදෙනාට අතහිත | දිනමිණ

අම්පාරේ අසරණ මව‍ට සහ දරු දෙදෙනාට අතහිත

ස්වාමියා මිය යාම නිසා අසරණ වූ බිරියට සහ දරු දෙදෙනාට සහන සැලසීම පිණිස සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා විසින් පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා නිලධාරීන් දෙදෙනකු අම්පාරට එවා එම පවුලේ තොරතුරු පිළිබද සොයා බලන ලදී. 2018 පෙබරවාරි 24 වන දා ‘‘දිනමිණ රටවටා ‘‘ පිටුව 11 පළවු නොසිතු දුක් කරදර දිවි ගමනට ආවා. අනුනට අතපාන තරමට අසරණ වුණා. අම්පාර දෙදරු මවකගේ දුකට පිහිටක් වෙන්න හැකිනම් පින්, සිරස්තලය යටතේ පළවු ප්‍රවෘත්තිය පිළිබදව වහාම අවධානය යොමු කරනු ලැබු සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අසරණ වු මේ පවුලට සහන සැලසීමේ කටයුතු සොයා බලා එම අවශ්‍යතා පසුරා දීමට නිලධාරීන් දෙදෙනෙක් අම්පාරට එවනු ලැබ ඇත. සමෘද්ධි දෙපාර්තමේන්තුවේ කළමණාකරු තිලාන් පුංචිහේවා සහ ප්‍රවෘත්ති නිලධාරි ඊ.එස්. ගුණසේකර මහත්තුරු වසමභාර සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය ,ඩී.එම්.ආර්.කරුණාතිලක මහත්මිය ද සමඟ අම්පාර නාමල්ඔය , දඹේතලාව ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ 6බී 29 ඒ ස්ථානයට පැමිණ අසරණ වු පවුලේ කාන්තාව සහ දරු දෙදෙනා හමුවී සාකච්ඡා කරනු ලැබීය. මේ පවුලේ අය පදිංචිව සිටින ආනාරක්ෂික තාවකාලික නිවෙස වෙනුවට ගමේ පදිංචිව සිටින සමාජ සේවකයන් පිරිසක් විසින් ඉදිකර දීමට සුදානම් කර ඇති අඩි 28.5 x 23.5 නිවාසය ඉදිකර දීම , ෙම් පවුලට සමෘද්ධි සහනාධාරය ලබා දීම සහ දරුවන්ගේ ආනාගතය සදහා උපකාර සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා කරනු ලැබීය .

දිරිය පියස වැඩ සටහන යටතේ රුපියල් ලක්ෂ දෙකක මුදලක් නිවාසය ඉදි කර ගැනීම සදහා ලබා දෙන අතර දරුවන්ගේ යහපත වෙනුවෙන් වැඩ පිළිවෙළක් යෙදීමටද උපදෙස් ලබා දී ඇත.

පියසේන වතුදුර දිගාමඩුල්ල සංචාරක

නව අදහස දක්වන්න