ආමර් වීදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට | දිනමිණ

ආමර් වීදියේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

ආමර් වීදිය, මැසෙන්ජර් වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය පැවසීය.

අදාළ අවස්ථාවේදී මෝටර් රථයේ යුවලක් ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාටම වෙඩි වැදී ඇත.

වෙඩි වැදීමෙන් 42 හැවිරිදි ඉනසමුත්තු ඇන්තනී රාජ් නැමති පුද්ගලයා මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ වෙඩි වැදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ආමර් වීදිය පොලීසිට වැඩිදුර විමර්ෂණ සිදුකරයි.

නව අදහස දක්වන්න