පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද | දිනමිණ

පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද

 පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම අද(20) දිනයේ සිට සිදුකිරීමට නියමිතය.

ඒ අනුව අද සිට මාසයක කාලයක් තුළ පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීම සිදුකළ හැකි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.

පසුගිය පෙබරවාරි මස 10 වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල වලට අනුව ජයග්‍රහණය කළ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ හැකියාව පවතී.

කෙසේවෙතත් සියයට 50ට වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ඡන්ද විමසීමක් පැවත්වීමට නියමිතය.

පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරුන්ට ‍ එම ඡන්ද විමසීම සඳහා අවශ්‍ය බලය ලබාදී ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.

ඡන්ද විමසීම පැවති පළාත් පාලන ආයතන 340න් 169ක බලය පිහිටුවීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න