ලක්ෂ 15ට වැඩි නිවාස ඉදිකිරීමේ දී 15% වැට් බදු අය කිරීම වසරකින් ‍කල් යයි | දිනමිණ

ලක්ෂ 15ට වැඩි නිවාස ඉදිකිරීමේ දී 15% වැට් බදු අය කිරීම වසරකින් ‍කල් යයි

ඇමැති මංගල සමරවීර

රුපියල් ලක්ෂ 15 හෝ ඊට වැඩි නිවාස ඉදිකරීම් ව්‍යාපෘතිවලින් සියයට 15ක වැට් බදු අය කිරීම අවුරුද්දකින් කල්දැමීමට රජය තීරණය කළ බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය. ‍ මධ්‍යම පාන්තිකයන් හා පහළ මධ්‍යම පාන්තිකයින් සඳහා ඉදිකරන රුපියල් ලක්ෂ 15ට හෝ ඊට වැඩි නිවාස ව්‍යාපෘතිවලින් සියයට 15ක වැට් බද්දක් මේ පළමුවැනිදා සිට අය කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කළ බව කී මංගල සමරවීර මහතා නව බද්ද අය කිරීම 2019 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කරන තෙක් කල් දැමූ බව කීය.‍ ස්වාධිපත්‍ය දේපොළවලින් කිසිදු වැට් බද්දක් අය නොකරන බවට මංගල සමරවීර මහතා සහතික විය.‍

රුපියල් ලක්ෂ 15ට වැඩි නිවසක් මිලදී ගැනීමේදී සියයට 15ක වැට් බද්දක් අය කිරීම වසරකින් කල් දැමූ නිසා, ගිවිසගත් පරිදි බදු නැතිව නිවාස මිලදී ගැනීමට සාමාන්‍ය ජනතාවට අවස්ථාව උදා වේ.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න