වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කළ සැකකරුවන් 04ක් අල්ලයි | දිනමිණ

වෙඩි තබා මනුෂ්‍ය ඝාතන කළ සැකකරුවන් 04ක් අල්ලයි

 වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ සහ තවත් අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවන් 04දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 19වනදා අතුරුගිරියේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම හා පසුගිය 26වනදා අතුරුගිරියේ නිවසකට වෙඩි තැබීමේ සිධිවලට අදාළව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කර එම සිද්ධීන්වලට සම්බන්ධව මෙම සැකකරුවන් සිව් දෙනා ඊයේ(04) සවස අත්අඩංගුවට ගෙන තිබේ. අතුරුගිරිය හා හෝකන්දර ප්‍රෙද්ශවල දී එම අතඅඩංගුවට ගැනීම සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙම වෙඩි තැබීම් සදහා යොදා ගත් ටී 56 ගිනිඅවියක්, එම ජීව උණ්ඩ 12ක්‍, මැගසීන් 01ක්, යතුරු පැදියක්, ත්‍රිරෝද රථයක්, ආරක්‍ෂක හිස් වැසුම් 02ක්, ජැකට් 02ක්, මන්නා පිහි 03ක්, පිහි 03ක් හා කේරළ ගංජා කිලෝ 02ක් සහ එම ගංජාජාවාරමෙන් උපයා ගත් රුපියල් 79,800ක මුදලක් ද මෙම සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 24, 34, 36 සහ 37 වයස්වල පසුවන අතුරුගිරිය, තල්පේ, හෝකන්දර යන ප්‍රදේශවල පදිංචි කරුවන් වේ.

සැකකරුවන් අද(05) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න