සජින් වාස් යළි රිමාන්ඩ් | දිනමිණ

සජින් වාස් යළි රිමාන්ඩ්

අසංක බණ්ඩාර
සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ලබන 21 වනදා තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.
 
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝගයකට අනුවයි.
 
අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අද අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාරය මහේස්ත්‍රාත්ට දැන්වීය.
 
රජයේ වාහන අයථා  පරිහරණය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

නව අදහස දක්වන්න