විමල් F C I Dයට එයි | දිනමිණ

විමල් F C I Dයට එයි

ජාතික නිදහස් පෙරමුණේ නායක පා.ම විමල් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එසේ කැඳවා ඇත.

මේ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරු සරත් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ඇතුළු 5 දෙනෙකුට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් ද ගෙනුකර තිබේ.

එම නඩුව විභාගයට ගත් පසුගිය 16 වැනිදා පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ සිද්ධියට අදාළ විමර්ශන කඩිනම් කිරීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය වුව ද ඔහු නියමිත දිනයන්හි දී මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී නොසිටින බවයි.

ඒ අනුව, අද සහ හෙට යන දිනයන්හිදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ.

නව අදහස දක්වන්න