භාරත ඝාතනයේ තුන්වන විත්තිකරු රිමාන්ඩ් | දිනමිණ

භාරත ඝාතනයේ තුන්වන විත්තිකරු රිමාන්ඩ්

අසංක බණ්ඩාර
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් එහි තුන්වැනි විත්තිකරු ලබන අගෝස්තු 6 වැනිදා දක්වා රිමාන්ඩ් කෙරිණ.
 
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන්ගේ නියෝගයකට අනුවයි.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමේ ඇප කොන්දේසි මත සිටියදී චමින්ද රවී ජයනාත් නමැති විත්තිකරු ඒවා කඩ කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබූණි. 
 
ඒ අනුව අද නීතිඥයකු මාර්ගයෙන් අදාළ විත්තිකරු උසාවියට බාරවූ අවස්ථාවේ එලෙස රිමාන්ඩ් කළේය.

නව අදහස දක්වන්න