දුම්පානය චීනයට වසංගතයක් | දිනමිණ

දුම්පානය චීනයට වසංගතයක්

අසංක බණ්ඩාර

චීනයේ වයස අවුරුදු 20 ට අඩු තරුණ ජනගහනයෙන් තුනෙන් එකක් දුම්පානය නිසා අඩු වයසින් මියයාමේ අවදානමක් පවතින බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

චීනයේ දුම්පානය කරන පිරිමි පුද්ගලයන්ගෙන් තුනෙන් දෙකක් වයස අවුරුදු 20 සපිරීමට පෙර ඒ සදහා හුරුවන බවයි සුප්‍රකට ලැන්සෙට් වෛද්‍ය සඟරාව පවසන්නේ.

එරට දුම්පානය පිළිබඳ චර්යාවන් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය වසර 15 ක් තිස්සේ සිදුකර ඇත.

ඒ සඳහා පුද්ගපගයින් රැසත් යොදා ගෙන ඇති බවද සඳහන්.

වසර 2030 වනවිට චීනයේ වසරකට දුම්පානයෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව විසි ලක්ෂය දක්වා ඉහළ යනු ඇති බවයි මෙම අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ.

 

නව අදහස දක්වන්න