කෑගල්ලේ මහ පාරවල් රථගාල් වෙලා | දිනමිණ

කෑගල්ලේ මහ පාරවල් රථගාල් වෙලා

 කෑගල්ල නගරයේ දැනට පවත්නා වාහන තදබදය සිංහල අලුත් අවුරුදු උත්සවයට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට පැමිණෙන ජනතාවගෙන් පිරී යාමෙන් තවත් වැඩි වීමට ඉඩ ඇති බව රියදුරෝ හා මහජනතාව පවසති.

කෑගල්ල නගරය කොළඹ නුවර මාර්ගයේ පිහිටා ඇත. මෙම නගරයේ කාලයක් තිස්සේ පැවති වාහන තදබදය අවම කිරීමට රජය රුපියල් කෝටි ගණනක් මුදල් වැයකර මාර්ගය දෙපස පළල් කර මංතීරු 04 කින් වාහන ගමන් කිරීමට අවස්ථාව සලසා තිබුණි. දැන් වාහන මංතීරු 02 ක නවතා තැබීම නිසා වාහනවලට ගමන් කිරීමට සිදු වී ඇත්තේ මං තීරු 02 කය.

මේ නිසා නැවතත් නගරයේ වාහන තදබදය වැඩි වී ඇත. නගරය තුළ කිසිම සැලැස්මක් නොමැතිව තැන් තැන්වල ත්‍රීවීල් රථ, කුලී මෝටර් රථ, ලොරි, යතුරු පැදි ද සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයට අයත් මහනුවර, කොළඹ, අවිස්සාවේල්ල, රත්නපුර, වරකාපොල, කුරුණෑගල, පොල්ගහවෙල ඇතුළු මාර්ග ගණනාවක බස් රථ මාර්ගය දෙපස නවතා ඇත.

මේ පිළිබද විසදුමක් ලබා දෙන ලෙසට වගකිව යුත්තන්ගෙන් ත්‍රීවිල් සංගම් ඇතුළු නගර වැසියෝ බළධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් මේ දක්වා පලක් වී නැති බව එම පිරිස් පවසති.

සටහන හා ඡායාරූපය-කෑගල්ල සමූහ පී. එම්. පී. පොල්වත්ත

නව අදහස දක්වන්න