දකුණු සුපිරිමගේ බස් වර්ජනය තවදුරටත් | දිනමිණ

දකුණු සුපිරිමගේ බස් වර්ජනය තවදුරටත්

දක්ෂිණ අධිවේගී මාර්ගයට ගාල්ලේ සිට අලූතින් බස් රථ දහයක් එකතු කළැයි පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් අද වර්ජනයක් ආරම්භ කර තිබේ.

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් අදාල බලපත්‍ර හිතුමතේට ලබාදී ඇති බවයි වර්ජනයට සම්බන්ධ වූ රියදුරන් පවසන්නේ.

මේ අතර අදාළ මාර්ග බලපත්‍ර 10 අවලංගු කරන තුරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුකරන බස් රථ වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

ගාල්ල-මහරගම, මහරගම-මාතර අතර මාර්ග බලපත්‍ර 05 බැගින් බලපත්‍ර 10 ක් ලබාදී තිබෙන අතර වහාම අවලංගු කරන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙන බව ද ගැමුණු විජේරත්න පවසා සිටියේය.

 

නව අදහස දක්වන්න