තහනම් පන්න සමග 11ක් අත්අඩංගුවට | දිනමිණ

තහනම් පන්න සමග 11ක් අත්අඩංගුවට

මන්නාරම මුහුදු කලාපයට අයත් මුඩ්ඩලම්පිඩ්ඩි මුහුදෙහි තහනම් පන්න යොදා ගෙන මසුන් මරමින් සිටි මෙරට ධිවරයින් එකොළොස් දෙනෙකු හා ඔවුන් පැමිණ සිටි යාත්‍රා හතක්ද සිය නිලධාරින් විසින් සිය භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව නිවේදනය කරයි.

උතුරු මැද නාවික විධානයට අයත් තලෙයි මන්නාරම නාච්චිකුඩාහි නාවික බුවනෙක ආයතනයට අයත් මුර සංචාරක යාත්‍රාවක් විසින් එම මුහුදු කලාපය තුළ සිදු කර ඇති සෝදිසි කිරිමක දි මෙම ධිවරයින් පිරිස අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තලෙයිමන්නාරම හා මන්නාරම අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සදහන්.

ධිවරයින් දැල් හා යාත්‍රා මන්නාරම සහකාර ධිවර අධ්‍යක්ෂ කාර්යලය වෙත බාර දි ඇත.

(මුන්නේශ්වරම සමුහ)

නව අදහස දක්වන්න