'මත්ද්‍රවය තරුණ පෙළ බිලිගන්නවා' | දිනමිණ

'මත්ද්‍රවය තරුණ පෙළ බිලිගන්නවා'

ආසියා ෆැසිෆික් කලාපයේ මත්ද්‍රව්‍ය මැඩලීමේ නියෝජිත ආයතනවල ප්‍රධානීන්ගේ 40වන සමුළුව අමතමින් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිදුකල කතාවේ සාරාංශය

"මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට අප ගෙන ඇති මෙතෙක් මුළුමනින්ම ඵල දරා නැහැ. එය තවදුරටත් තරුණ පෙළ ඇතුළු අපේ සමාජය බිලිගනිමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ ඉලක්කයවන්නේ වසර 2020වනවිට මෙරට මත්ද්‍රව්‍ය උවදුර මුලිමනින්ම වලකාලීමයි.ඒ සදහා අප බොහෝ දුරක් යායුතුයි. එහෙත් එම ගමනේදී අප තනිවී නොමැති බව කිවයුතුයි. මෙම සමුළුවේදී ඒ සදහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග ඇගයීමට ලක්කොට නව ක්‍රමෝපාය සකස්කිරීමට හැකිවේවි. එමෙන්ම අන්‍යොන්‍ය සහයෝගිතාව මගින් ඒ සදහා අපට වඩාත් සුදුසු වැඩපිළිවෙලකට අවතීර්ණ විය හැකියි.

මත්ද්‍රව්‍ය සහ අපරාධ අතර පවතින්නේ සමීප සම්බන්ධතාවයක්. එමෙන්ම එය සමාජ, ආර්ථික සහ දේශපාලන අංශයටද බලපෑම් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සදහා වෙළද මාර්ග සහ ජාත්‍යන්තර සංචාරකයන්ද යොදාගන්නා බව නොරහසක්. මේ තත්වය වෙනස්කිරිමටනම් අප ඔවුන්ගේ චක්‍රය බිදිය යුතු අතර මත්ද්‍රව්‍ය සදහා ඉල්ලුම අඩුකිරීමටද උත්සාහ කලයුතුයි. සමුද්‍ර ආකර්ෂණය, ප්‍රජාව දැනුවත් කිරීම ඇතුලු පියවරද ඒ සදහා අප විසින් අනුගමනය කලයුතු වෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දැන් නව තාක්ෂනය යොදා නිපදවන මත්ද්‍රව්‍ය ග්‍රහණය කිරීම දුෂ්කරයි. මේ නිසා මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමේදී අද නව ක්‍රමවේදයන් යොදාගතයුතු වෙන අතර ඊට නව තාක්ෂණයද උපයෝගී කරගතයුතු වෙනවා."

අදහස් 2ක් ඇත

kawuda me math drawya genwanne ,anna ,,,ewun hoyapiyawu;

නව අදහස දක්වන්න