කුකුළේ ගඟ වේල්ල අවදානම් නැහැ | දිනමිණ

කුකුළේ ගඟ වේල්ල අවදානම් නැහැ

කුකුළේ ගග ජලාශයේ වේල්ල අනතුරුදායක තත්ත්වයක පවතින බවට පළ වාර්තා සාවද්‍ය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එම වේල්ල අනතුරුදායක තත්ත්වයක පවතින බවට ඊයේ රාති‍්‍රයේ පැතිර ගිය කටකතාවක් හේතුවෙන් එම වේල්ල පහල කොටසේ ජනතාව කලබලයට පත්ව සිටි බවටයි වාර්තා වුනේ.

විදුලබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්‍ෂණ ජයවර්ධන පැවසුවේ එවැනි අවදානමක් නොමැති බව ඉංජිනේරුවන් තහවුරු කර ඇති බවයි.

සාවද්‍ය මත වලට නොරැටෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නව අදහස දක්වන්න