වෙනිසුවෙලාවේ රාජ්‍ය විරෝධී රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 03ක් මරුට | දිනමිණ

වෙනිසුවෙලාවේ රාජ්‍ය විරෝධී රැළියකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 03ක් මරුට

වෙනිසුවෙලාවේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ජනපති නිකලස් මාධුරෝට එරෙහිව කැරකාස් අගනුවර පැවති විරෝධතාවට සහභාගී වූ තරුණයෙකු සහ සැන්ක්‍රිස්ටල් ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත කාන්තාවක එලෙස මිය ගොස් ඇති බවයි.

මේ අතර විරෝධතා අතරතුර වෙනිසුවේලාවේ දකුණු අගනුවරදී ආරක්ෂක භටයෙක් ද ජීවිතක්ෂයට පත් විය.

වෙනිසුවේලාව පුරා විරෝධතාවන්හි නිරත දහස් සංඛ්‍යාත පිරිස් ජනපති මාධුරෝ ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින්නේ, නව ජනපතිවරණයක් පවත්වන ලෙස සහ සිරගත කර සිටින විපක්ෂ දේශපාලනඥයින් නිදහස් කරන ලෙස ය.

විරෝධතාවන්හි නිරත පුද්ගලයින් 30කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර රාජ්‍ය පාක්ෂිකයින් කැරකාස් අගනුවර පෙළපාලිවල නිරත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය.

නව අදහස දක්වන්න