ටවර්හෝල් පදනමේ ජ්‍යෙෂ්ඨතමයා සමුගනී | දිනමිණ

ටවර්හෝල් පදනමේ ජ්‍යෙෂ්ඨතමයා සමුගනී

ටවර්හෝල් පදනමේ හිටපු ජ්‍යෙෂ්ඨතම සාමාජකයා වන කළාශූරි ජී.එච්. ස්ටැන්ලි පෙරේරා අභාවප්‍රාප්ත වී තිබේ.

ඊයේ ඔහු අභාවප්‍රාප්ත වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25දා) සවස 5ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතයි.

දේහය දැනට අංක 22 දුම්රියපොළ පටුමග නුගේගොඩ යන ලිපිනයේ තැන්පත්කොට තිබේ. 

1927 ළමා රංගන ශිල්පියෙකු ලෙස රංගනයට පිවිසි ඒ මහතා නිශ්පාදකයෙකු, අධ්‍යක්ෂකවරයෙකු, සංගීතඥයෙකු හා නූර්ති ශිල්පියෙකු ලෙස සිය දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර මිය යන විට හෙතෙම 93 වැනි වියේ පසුවිය.

'සෙබාදහම', 'නීතිපති' ඇතුළු නාට්‍ය ගණනාවක් නිශ්පාදනය කිරීමට දායක වූ ඒ මහතා 'සමුද්‍රදේවි' නාට්‍යය අධ්‍යක්ෂණය කළේය.

දක්ෂ තබ්ලා වාදයෙක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටි ස්ටැන්ලි පෙරේරා මහතා 'කළාභූෂණ' හා 'කළාශූරි' සම්මානවලින් පිදුම් ලැබ තිබේ.‍

'මී මැස්සේ', 'සැකය', 'වාසනා', 'හිගන කොල්ලා',  'රෑන ගිරව්',  'සසර', 'අපරාධය හා දඩුවම' යන චිත්‍රපටවල නළුවෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.

 

නව අදහස දක්වන්න