පොලිස් මේසය මත තිබූ SIගේ පිස්තෝලය උස්සලා | දිනමිණ

පොලිස් මේසය මත තිබූ SIගේ පිස්තෝලය උස්සලා

පාණදුර සමුහ - කපිල සෝමරත්න

පාණදුර දකුණු පොලිසියේ උප පොලිස් පරික්ෂක සුරංග රණවීර මහතාගේ නිල රිවොල්වරය පොලිසියේ මේසයක් මත තිබියදී හොරකම් කිරීම සම්බන්ධ අධිචෝදනාවට වරද පිලිගත් එම පොලිසියේ පොලිස් සහයකවරයෙකුට පාණදුර පළාත්බද මහාධිකරණ විනිසුරු ධමිත් තොටවත්ත මහතා රුපියල් 5000 ක දඩයක් අගහරුවාදා නියම කළේය. මෙම දඩුය නියමවුයේ එ් කරුණුසේන නැමැත්තාටය.

ඔහුට එරෙහිව නඩුව පවරා අධිචෝදනාව ඉදිරිපත්කර තිබුනේ නීතිපතිවරයා විසිනි.විත්තිකරු වෙනුවෙන් නීතිඥ සිසිර කොඩිකාර මහතා පෙනී සිටියේය. දැනට මහාධිකරණය භාරයේ තිබෙන රිවොල්වරය ආසු ළබාගැනීමට පොලිසියට අවශ්‍යනම් පාණදුර සහකාර පොලිස් අධිකාරිවරයා මගින් ඉල්ලුම් පතක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කළ යුතු බව විනිසුරුවරයා සදහන් කළේය.

නව අදහස දක්වන්න