නීති විරෝධී මත්පැන් පානය කර ඉන්දුනීසියාවේ 45ක් මියයති | දිනමිණ

නීති විරෝධී මත්පැන් පානය කර ඉන්දුනීසියාවේ 45ක් මියයති

 නීති විරෝධීව නිෂ්පාදනය කරන ලද මත්පැන් පානය කිරීමෙන් ඉන්දුනීසියාවේ 45 දෙනකු මිය ගොස් ඇති අතර තවත් පුද්ගලයන් රැසක් රෝහල් ගත කර ඇති අතර මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වය වාර්තා වන්නේ එකම ප්‍රදේශයකින් නොවන බවත් ජකර්තා, බටහිර ජාවා සහ පැපුවා පළාතෙන් මේ වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් පොලිසිය වාර්තා කරයි.

මෙය වසර ගණනාවකට පසු එරටින් වාර්තා වූ දුරුණුතම මත්පැන් විස වීම බව පවසන පොලීසිය නවසර මත්පැන් නිශ්පාදනය කළ නව දෙනකු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කළේය. මුස්ලිම් බහුතරයක් වාසය කරන ඉන්දුනීසියාවේ කළුකඩ මත්පැන් අලෙවිය සඳහා මාරාන්තික මෙතනොල් යොදා ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. 

 

නව අදහස දක්වන්න