පුද්ගලයන් 11ක් අතුරුදන්වීම නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සෙබළුන් දෙදෙනා යළි රිමාන්ඩ් | දිනමිණ

පුද්ගලයන් 11ක් අතුරුදන්වීම නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු සෙබළුන් දෙදෙනා යළි රිමාන්ඩ්

සුභාෂීණී සේනානායක

පුද්ගලයන් 11දෙනකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත භාරයේ සිටින හිටපු නාවික හමුදා බුද්ධි අංශයේ හිටපු නාවික හමුදා සෙබළුන් දෙදෙනා වන කස්තුරිගේ ගාමිණී සහ මුතුවාහැන්දි අරුණ තුෂාර මෙන්ඩිස් යන දෙදෙනා ලබන 25වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (12) නියෝග කළාය.

මෙතෙක් කළ සියලු විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇති බව රහස් පොලසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සිද්ධියට අදාළව නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක, කොමදෝරු ඩී.කේ.පී දසනායක නාවික හමුදා බුද්ධි අංශ කොමදෝරු සුමිත් රණසිංහ, නාවික නැවි ලක්ෂ්මන් උදය කුමාර, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය සහ තම්මිට ඉහළ ගෙදර ධර්මදාස , රාජපක්ෂ පතිරණලාගේ කිත්සිරි, සම්පත් මුණසිංහ යන සැකකරුවන් ඇප මත සිටි.

කොටහේන වැල්ලවත්ත, ත්‍රිකුණාමලය, මඩකළපුව ඇතුළු ස්ථාන කිහිපයක දී කස්තුරිආරච්චිගේ ජොන් රීට්, රජිව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, තිලගේෂ්වරන් රාමලිංගම්, මොහොමඩ් සාජිත්, ජමාල්ඩීන් ඩිලාන්, අමනන් ලියෝන්, රොෂාන් ලියෝන්, ඇන්තනි කස්තුරිආරච්චි, ත්‍යාගරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් යන පුද්ගලයන් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන සිදු කරයි. 

නව අදහස දක්වන්න