ලංකාවට ආපු ඉන්දීය නිළියගේ නිරුවත් වීඩියෝව | දිනමිණ

ලංකාවට ආපු ඉන්දීය නිළියගේ නිරුවත් වීඩියෝව

ඉන්දියාවේ ජනප්‍රිය රූපවාහිනී නිළියක් වන සාරා ඛාන්ගේ නිරුවත් ඡායාරූපයක් මේවන විට ඉතා දැඩි ලෙස සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් පවතී.

එම ඡායාරූපය ඇය නිරුවතින් නාන කාමරයක බේසමක් තුළ සිටියදී ලබා ගත් වීඩියෝවකින් ගෙන ඇති ඡායාරූපයකි.

මේ සම්බන්ධයෙන් ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ සාරා ඛාන්ගේ නැගණිය වන ආර්යාගේ අතින් ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවට අදාළ ඡායාරූප යොමු වී ඇති බවය.

නමුත් එය මිනිත්තු කිහිපයක් තුළ ඉවත් කිරීමට කටයුතු කළ ද කිසිවෙකු විසින් එහි පින්තූර කිහිපයක් ගෙන පසුව ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබේ.

සාරා ඛාන් පවුෙල් උදවිය සමඟ නිවාඩුවක් ගත කිරීම සදහා චාරිකාවකට ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී ඇය නාන බේසමේ සිටියදී ඇගේ සොයුරිය විසින් පටිගතකළ වීඩියෝවක් මෙලෙස ප්‍රචාරය වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධෙයන් සාරා ඛාන් සදහා කර ඇත්තේ ඇයගේ සොහොයුරිය අදාළ සිද්ධිය වූ දිනයේ තරමක බීමතින් සිටි බවත් එහිදී මෙය වැරදි ආකාර අන්තර්ජාලයට යොමු වී ඇති බවත් ය.

කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තමන් සොයුරියට සමාව දුන් බවත් වැරදි සිදුවීම මනුෂ්‍යයින් වන සියලු දෙනාට පොදු බවත් පවසා ඇත.

 

නව අදහස දක්වන්න