ලොව වයස්ගතම සුමාත්‍රාහි ඔරං ඔටං මියයයි | දිනමිණ

ලොව වයස්ගතම සුමාත්‍රාහි ඔරං ඔටං මියයයි

ලොව වයස්ගතම සුමාත්‍රා ඔරං ඔටං "පුවාන්" මිය ගිය බව ඕස්ට්‍රේලියාවේ පර්ත් සත්වෝද්‍යානය නිවේදනය කරයි. මිය යන විට 62 හැවිරිදි වියේ පසු වූ ඇයට දරු මුණුපුරන් 54 දෙනෙකු සිටින බව සඳහන්ය. මේ "ගාම්භීර වයසක කාන්තාව" වයස්ගත වීමෙන් ඇතිවන සංකූලතා හේතුවෙන් මිය ගිය බව සත්වෝද්‍යාන නිවේදනයේ දැක්වේ. 2016 දී ඇයගේ වර්ගයේ ජීවත්ව සිටින ලොව වයස්ගතම ඔරං ඔටං ලෙසට ගිනස් වාර්තා පොතට එක් වූ ඇය පර්ත් සත්වෝද්‍යානයේ සාමාජිකත්වය හිමි කර ගෙන ඇත්තේ 1968 වසරේ දීය.

1956 දී ඉන්දුනීසියාවේ සුමාත්‍රා ප්‍රදේශයේ වනාන්තරයක උපත ලබා ඇති බවට විශ්වාස කරන පුවාන්, දරුවන් 11 දෙනෙකු ඇතුළු ඔවුන්ගෙන් පැවත එන 54 දෙනෙකු මෙලොවට දායාද කළාය. මේ දරු මුණුබුරන් එක්සත් ජනපදය සහ යුරෝපය ඇතුළු විවිධ ස්ථානවල ජීවත් වේ.

ලෝක වනජීවී අරමුදලට අනුව, දැනට ජීවත්ව සිටින්නේ සුමාත්‍රා ඔරං ඔටං 14,600 දෙනෙකු පමණි.

 

නව අදහස දක්වන්න