'රාජ්‍ය සංගීත සම්මාන උලෙළ' | දිනමිණ

'රාජ්‍ය සංගීත සම්මාන උලෙළ'

උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමත්‍යාංශයේ මෙහෙයවීමෙන් රාජ්‍ය සංගීත උපදේශක මණ්ඬලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා සංස්කෘතික දෙපාර්තමේන්තුව හයවෙනි වරටත් සංවිධාන කළ 'රාජ්‍ය සංගීත සම්මාන උලෙළ' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) කොළඹ 7 නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්විණි.

එහිදී කලාකරුවකුට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන 'සංගීත අභිමානී' යාවජීව සම්මානය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ප්‍රවීණ ගායන ශිල්පී හා සංගීතඥ ආචාර්ය දයාරත්න රණතුංග මහතා වෙත ප්‍රදානය කළ අයුරු. පසෙකින් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැති ආචාර්ය විජේදාස රාජපක්ෂ, එම අමත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි, කලා මණ්ඩලයේ සභාපති මහචාර්ය ආරියරත්න කළුආරච්චි හා සංගීත උපදේශන මණ්ඬලයේ සභාපති සංගීත විශාරද සමන්ත පෙරේරා යන මහත්වරු වෙති.

ඡායාරූපය- සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න