ඉතියෝපියාවේ රැළියක බෝම්බ පිපිරීමක් | දිනමිණ

ඉතියෝපියාවේ රැළියක බෝම්බ පිපිරීමක්

ඉතියෝපියාවේ නව අගමැති අබීඅහ්මඩ් සහභාගී වූ දැවැන්ත රැළියක බෝම්බ පිපිරීමක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.

අඩ්ඩීස් අබාබා නගරයේ දහස් සංඛ්‍යාත ජන සහභාගීත්වයකින් පැවති රැළියක මෙම පිපිරීම සිදුව ඇති අතර, පිපිරීමත් සමග අගමැතිවරයාගේ ආරක්ෂකයන් විසින් ඔහු එම ස්ථානයෙන් ක්ෂණිකව රැගෙන යාමට කටයුතු කර තිබේ.

මූලික පරීක්ෂණවලට අනුව මෙය ග්‍රැනේඩ් බෝම්බ ප්‍රහාරයක් විය හැකි බව පොලීසිය සැකකරන අතර, පිපිරිමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

 

නව අදහස දක්වන්න