සිංහරාජයේ‍ අලින් දෙදෙනාට රැදවුම් මධ්‍යස්ථානයක් | දිනමිණ

සිංහරාජයේ‍ අලින් දෙදෙනාට රැදවුම් මධ්‍යස්ථානයක්

ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වන අලි දෙදෙනා රැදවීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කොට තිබේ.

සතුන් දෙදෙනට ගැලපෙන පාරිසරික තත්ත්වයන් සහිත කලවාන දොලේකන්ද ග්‍රාමනිලධාරි වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීම පිණිස තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වී ඇත.

පසුගිය දිනවල සිංහරාජ රක්ෂිත අවට ජනතාවට සිදු වූ ජීවිත හානි හා දේපළ හානි සහ අලි දෙදෙනාගේ ජීවිත ආරක්ෂව සඳහා කඩිනම් පියවර ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

නව අදහස දක්වන්න