ඔරිෆ්ලේම් ඉදිරි සැලසුම් එළිදක්වයි | දිනමිණ

ඔරිෆ්ලේම් ඉදිරි සැලසුම් එළිදක්වයි

දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් වෙත පුළුල් පරාසයකින් යුතු රූපලාවණ්‍ය නිෂ්පාදන ගණනාවක් ගෙන දෙමින් ඔවුන් සමඟ ළඟින්ම සිටින, මෙරට රූපලාවණ්‍ය ආලේපන කර්මාන්තයේ ප්‍රමුඛයා වන ඔරිෆ්ලේම් ශ්‍රී ලංකා, මෑතක දී වසරේ සිය දැවැන්තම ඉසවුව වන The Director Seminar 2018 පසුගිය දා පවත්වන ලදී. වැලිගම මැරියට් රිසෝට් ඇන්ඩ් ස්පා හි දී පැවැත් වුණු මේ ඉසවුවේ දී ඔරිෆ්ලේම් වෙනුවෙන් විශිෂ්ට කායර්සාධනයක් වාර්තා කරන ලද සාමාජිකයන් වෙනුවෙන් තෙදින සම්මන්ත්‍රණයක් සංවිධාන කරනු ලැබීය.

Diamond Bliss යන තේමාවෙන් පැවැත් වුණු මේ අතිඋත්කර්ෂවත් උත්සව අවස්ථාවට, අදාළ තේමාවට අනුගත වූ තවත් කුඩා ඉසවු රැසක් අන්තර්ගත විය. පසුගිය වසර 21 පුරාවට ඔරිෆ්ලේම් හි මෙරට සාර්ථකත්වය සැමරීම මේ ඉසවුවේ මූලික අරමුණ බවට පත්ව තිබුණි. එසේම මීට සමගාමීව ඉහළ කාර්යසාධනයක් වාර්තා කළ සාමාජිකයන් ඇගයීම ද උත්සව අවස්ථාවේ දී සිදුකෙරුණි.

සැබෑ ඔරිෆ්ලේම් ශෛලිය අනුව යමින් මේ අතිඋත්කර්ෂවත් උත්සව අවස්ථාව ආරම්භ වූයේ පැමිණ සිටි අමුත්තන් හට ඉතා වැදගත් පිළිගැනීමක් ලබා දෙමිනි. එහි දී ශ්‍රී ලංකාවේ ඔරිෆ්ලේම් නායකයන්ගේ හරසර මැදින් දකුණු ආසියාවේ ඔරිෆ්ලේම් උප සභාපති Sergei Kanashin මහතා හා අලෙවි අධ්‍යක්ෂ Pradnya Deshpande මහත්මියගේ සම්ප්‍රාප්තිය සිදුවිය.

 

නව අදහස දක්වන්න