විදේශ රැකියා ඇමතිතුමනි මේ ඔ‍බේ අවධානයට | දිනමිණ

විදේශ රැකියා ඇමතිතුමනි මේ ඔ‍බේ අවධානයට

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

බකමූණ කෝට්ටපිටිය නිකපිටියේ පදිංචි අරුණ ශ්‍රී ජයවික්‍රම මහතා මෙයට අවුරුදු හතකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයට යන්නේ ඇලුමීනියම් වැඩ පිළිබදව සේවකයකු ලෙසිනි.

පසුගිය ජුනි 15වැනි දින සෞදියේ රියාද් නගරයේ සිදුවු රිය අනතුරකින් ඔහු මිය ගොස් ඇත.ඒ පිළිබදව විදේශ රැකියා අමාත්‍යාංශයේ බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කාර්යාලයේ බලධාරීන් දැනුවත් කළද මේ වනතෙක් මියගිය අරුණගේ මෘත දේහය ලංකාවට රැගෙන ඒමට බලධාරීන් කටයුතු කරනැත.ඔහුගේ විදේශ ගමන් බල පත්‍ර අංකය82248වේ.

මියගිය අරුණ ගේ මෘත දේහය දැනට සෞදි අරාබියේ පෞද්ගලික රෝහලක තැන්පත් කර ඇති බවද පැවසේ .රෝහල් ගාස්තු වශයෙන් විශාල මුදලක් ද ගෙවීමට සිදුවන බවද කියවේ.

දැනට මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෟත දේහය ලංකාවට රැගෙන ඒමට විදේශ රැකියා අමාත්‍යාංශයේ මැදිහත්වීම එතරම් සතුටු දායක නොවන නිසා ඒ සදහා මැදිහත්වන ලෙස පවුලේ ඤාතීහු ඇමතිවරයාගෙන් සහ නියෝජ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටීති

නව අදහස දක්වන්න