අධිවේගයේ ධාවනය 60 ට සීමා කරන්න | දිනමිණ

අධිවේගයේ ධාවනය 60 ට සීමා කරන්න

පවතින අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන රථ වාහන පැයට කිලෝමීටර් 60 වේගයකින් යුතුව ධාවනය කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරීය රියැදුරන්ගෙන් ඉල්ලා සිටි.

මේ අතර අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අද (16) අලුයම විවෘත කර තිබේ.

තවදුරටත් ජල පෝෂක ප්‍රදේශවලට වැසි ලැබුනහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේය.

වේල්ලට පහළින් කොත්මලාඔය පරිහරණය කරන ජනතාව සැලකිලිමත් වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

නව අදහස දක්වන්න