සම්බාහන මධ්‍යස්ථානයකදී ජර්මන් තරුණියකට අතවර | දිනමිණ

සම්බාහන මධ්‍යස්ථානයකදී ජර්මන් තරුණියකට අතවර

ඉඳුරුව යාලෙගම පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකදී 21 හැවිරිදි ජර්මන් ජාතික තරුණියකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් එම සම්බාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සහ තෙරපිකරු අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලිසිය පවසයි.

විවේකයක් ගත කිරීම සඳහා ශ්‍රි ලංකාවට පැමිණ සිටින මෙම විදේශිය තරුණිය පසුගිය 29 වන දින දවල් 11 ට පමන සිරුර සම්බාහනය කරවා ගැනීම සඳහා මෙම මධ්‍යස්ථානය වෙත ගොස් ඇත. එම අවස්ථාවේ සිරුර සම්බාහනය කරන මුවාවෙන් තමාට මොවුන් දෙදෙනා විසින් ලිංගික අතවර කළ බවට ජර්මන් ජාතික තරුණිය විසින් කොළඹ සංචාරක කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මකවු කොළඹ සංචාරක කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් ඉඳුරුව යාලේගමට පැමිණ පරීක්ෂණ පවත්වා මෙම සම්භාහන මධ්‍යස්ථානයේ කළමනාකරු සහ තෙරපිකරු යන සැකකරුවන් දෙදෙනා පෙරේදා (1)අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සදහා කොස්ගොඩ පොලිසිය වෙත භාරදි තිබේ.

සැකකරුවන් දෙදෙනා ඊයේ (2) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

එස් දීයගහගේ දකුණු පළාත් සංචාරක, ඉමදුව සමූහ

නව අදහස දක්වන්න