සෞදිය, කැනඩාව සමඟ සබඳතා අත්හිටුවයි | දිනමිණ

සෞදිය, කැනඩාව සමඟ සබඳතා අත්හිටුවයි

කැනඩාව සමඟ සියලූ රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබදතා වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර ඇතැයි විදසේ වාර්තා පවසයි.

දැනට එරට අත්අඩංගුවේ සිටින සිවිල් සමාජීය හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කැනේඩියානු පුරවැසිභාවය හිමි සමර් බඩාවි ඇතුළු ක්‍රියාකාරීන් නිදහස් කරන මෙන් ඉල්ලා කැනඩා විදේශ කටයුතු ඇමතිවරිය සිදුකළ ඉල්ලීමක්, මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි සෞදි රජය පවසන්නේ.

මෙය සෞදි රජයේ කටයුතුවලට අනවශ්‍ය අතපෙවීමක් ලෙස ඔවුන් පෙන්වා දී ඇති අතර සෞදියේ සිටින කැනේඩියානු තානාපතිවරයාට පැය 24ක් තුළ රටින් පිටවන ලෙස ද දැනුම් දී ඇත.

මේ අතර විදෙස් වාර්තාවල දැක්වෙන්නේ කැනඩාවේ සිටින සෞදි තානාපතිවරයාට යළි සිය රට පැමිණෙන ලෙසත් නියෝග කර ඇති බවය.

එමෙන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි සෞදි ගුවන් සේවය කැනඩාව සමඟ ගුවන් ගමන් ද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇති බව ද සදහන්.

නව අදහස දක්වන්න