කැලණියේ යුවළ ළඟ කෝටි 7ක මත්පෙති | දිනමිණ

කැලණියේ යුවළ ළඟ කෝටි 7ක මත්පෙති

සැකකරුට 24යි-සැකකාරියට 19යි

තලෛමන්නාරම සිට කොළඹ බලා රැගෙන යමින් තිබූ මත්පෙති 70000 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු වවුනියාව සෙට්ටිකුලම් ප්‍රදේශයේ දී 11 වැනි දින අත්අඩංගුවට ගත් බව වවුනියාව සෙට්ටිකුලම පොලිසිය පවසයි. යාපනය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් හා වවුනියාව සෙට්ටිකුලම් පොලිසියේ නිලධාරි කණ්ඩායමක් එක්ව 11 වැනි දින අලුයම සිදුකරන ලද පරික්ෂාවක දී සැකකරුවන් හා මෝටර් රථය රථය අත්අඩංගුවට ගත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී මත්පෙති පෙති ගමන් මලු දෙකක බහා තිබූ බවත් එම මත් පෙතිවල වටිනාකම රුපියල් කෝටි හතකට අධික වන බවත් පොලිසිය පවසයි.

සැකකරු වයස අවුරුදු 24 පුද්ගලයෙකි. සැකකාරියට වයස අවුරුදු 19ක් වන බවත් ඔවුන් කැලණිය හා ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් හඳුනාගෙන තිබේ.

මොවුන් දෙදෙනා අඹුසැමියන් ලෙසින් පෙනී සිටිමින් මේ ජාවාරම සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දර මහත්ගේ අධීක්ෂණයෙන් කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් හා වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අනුර අබේවික්‍රම මහතාගේ උපදෙස් මත පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතාගේ අධීක්ෂණයෙන් හා සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති විජේසිංහ මහත්ගේ මෙහෙයවීමෙන් වවුනියාව සෙට්ටිකුලම පොලිසියත් යාපනය කොට්ඨාස දූෂණ මර්දන අංශයක් එක්ව වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

බන්දුල සෙනෙවිරත්න වවුනියාව උතුර සමූහ හා රක්ෂණ ශ්‍රියන්ත

 

 

නව අදහස දක්වන්න