බස් මගී සංගමය, නි. ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි | දිනමිණ

බස් මගී සංගමය, නි. ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

බස් මගීන් මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ලබාගැනීමට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය ඉල්ලීමක් සිදු කර ඇත.

එම සංගමය අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ.

ගරු අශෝක අබේසිංහ මැතිතුමා,
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය,
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය,
7වන මහල, සෙත්සිරිපාය, පියවර II,
බත්තරමුල්ල.

ගරු නියෝජ්‍ය අමාත්‍ය තුමනි,

බස් මගීන් ලෙස අප මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබාගැනීම සඳහා

දිනපතා පොදු ප්‍රවාහන බස් රථ සේවා භාවිතාකරන කොළඹ දිස්ත්‍රිකය ඇතුළු මෙරට ලක්ෂ ගණනක් වූ බස් රථ මගීන් වෙනුවෙන් පෙනී සිටින එකම සංගමය වන ‘කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය’ සුවපහසු සහ ගුණාත්මක බස් මගී ප්‍රවාහන සේවාවක් දිනා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වේ.

ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන අරගලයේ දී, බස් මගීන් ලෙස අප මුහුණ දෙමින් සිටින දැවැන්ත ගැටළු ගණනාවක් තිබේ.

විශේෂයෙන් සුවපහසු සහ ගුණාත්මක බස් මගී ප්‍රවාහන සේවාවක් නොමැති වීම හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ තදාසන්න ප්‍රදේශ තුළ නාගරික සංචලතාවය දුර්වල මට්ටමක පවති.

මේ හේතුවෙන් බස්නාහිර පළාතට පමණක් 12% ක දළ දේශීය නිශ්පාදිතයේ අහිමිවීමක් සිදුවන බවත් එය 2020 වන විට 20%කට වඩා ඉහළ යා හැකි බවත් ජනාධිපති විශේෂඥ කමිටු වාර්ථාවන් පෙන්වා දෙයි.

එකී ගැටළුව ඇතුළුව බස් මගීන් ලෙස අප මුහුණ දෙමින් සිටින දැවැන්ත ගැටළු සම්බන්ධයෙන් ඔබ අමාත්‍යාංශය දැනුවත් කිරීම සඳහා මෙන් ම සාමුහිකව අර්බුධයන් සඳහා විසඳුම් සෙවීම වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් සඳහා දිනයක් සහ වේලාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු!

ස්තුතියි,

මීට,
විශ්වාසී,
විමුක්ති දුෂාන්ත,
කැඳවුම්කරු,
කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය

නව අදහස දක්වන්න