උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර පාසල් 24කදී 11දා සිට | දිනමිණ

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර පාසල් 24කදී 11දා සිට

සිතාරා සේනානි

අ.පො.ස. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවැනි අදියර පාසල් 24කදී මේ මස 11 වැනිදා සිට 24 වැනිදා දක්වා සිදුකෙරේ.

මේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සඳහා යොදා ගනු ලබන පාසල් අතුරින් 4ක් ඇගයීම් සිදුකෙරෙන කාලසීමාවේ සම්පූර්ණයෙන් වසා තැබෙන බවත්, ඉතිරි පාසල් 20හි පාසල් පැවැත්වෙන අතරතුර එහි කොටසක් පමණක් වසා තබමින් ඇගයීම් කටයුතු සිදුකෙරෙන බවත් විභාග දෙපාර්ත‍මේන්තුව සඳහන් කරයි.

පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකෙරෙන කාලසීමාව ඇතුළත සම්පූර්ණයෙන් වසා තැබෙන පාසල් පහ වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලය, කළුතර ගුරුළුගෝමී මහා විද්‍යාලය, ගාල්ල සුධර්මා විද්‍යාලය, මාතර ශාන්ත ශර්වේසස් විද්‍යාලයයි. එම පාසල් නැවත ආරම්භ වන්නේ මේ මස 25 වැනිදාය.

පාසල පැවැත්වෙන අතර එහි කොටසක් පමණක් වසා පිළිතුරු පත්‍ර ඇගයීම් සිදුකෙරෙන පාසල් වන්නේ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, ගම්පහ යසෝදරා දේවි මහා විද්‍යාලය, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය, කුරුණෑගල ලක්දාස් ද මැල් විද්‍යාලය, කුලියාපිටිය සාරානාත් මහා විද්‍යාලය, කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය, මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මහනුවර උසස් බාලිකා විද්‍යාලය, මහනුවර මහානාම විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා විද්‍යාලය, බදුල්ල ධර්මදූත විද්‍යාලය, අනුරාධපුර ශාන්ත ජෝසප් මහා විද්‍යාලය, මඩකළපුව ශාන්ත සිසිලියා බාලිකා විද්‍යාලය, යාපනය හින්දු බාලිකා විද්‍යාලය, යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය, වව්නියාව ශෛව ප්‍රකාශ් මහා විද්‍යාලය යන පාසල්ය.

නව අදහස දක්වන්න