වන ඝාතකයෝ කඩවර රක්ෂිතය ගිලිනවා | දිනමිණ

වන ඝාතකයෝ කඩවර රක්ෂිතය ගිලිනවා

වන අලින් වෙනුවෙන් වෙන් කර තිබෙන හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය නාම පුවරු සදහා පමණක් සීමාකර තැබීම හේතුවෙන් මේ වන විට එම රක්ෂිත ප්‍රදේශයන් වන ගාතකයින්ගේ දැඩි ගොදුරක් බවට පත්ව තිබේ .

මේ අකාරයෙන් බලධාරීන්ගේ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම මත හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සදහා වෙන්කර තිබෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හම්බන්තොට මත්තල කඩවර රක්ෂිතය හා ඒ අවට ප්‍රදේශය තුළ කිසියම් පිරිසක් එක්ව නීති විරෝධිව අක්කර 500 කට අධික ප්‍රදේශයක් රක්ෂිතය හෙළි කර ගිනි තබා තිබෙන අයුරු දක්නට ලැබේ .

මේ හේතුවෙන් ප්‍රදේශයේ තිබු වසර 100 කට අධික කාලක් වන පලු ගස් , හල්මිල්ල , ඇතුළු තවත් විශාල ගස් ගිනිතබා බිම හෙලා තිබෙන ආකාරය දක්නට ලැබේ .මේ ආකාරයෙන් දින ගණනාවක් පුරාවට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන රක්ෂිතයක් විනාශ කරන තුරු නිසි බලධාරීන්ගේ අවධානයට ලක් නොවීම පුදුම සහගත කරුණකි .

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි අම්බලන්තොට සමුහ

නව අදහස දක්වන්න