ශ්‍රී ලංකා ඉරාන තානාපති සුව සේවා ඇමැති හමුවෙයි | දිනමිණ

ශ්‍රී ලංකා ඉරාන තානාපති සුව සේවා ඇමැති හමුවෙයි

තානාපතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා සුහද පිළිසඳරක යෙදුණු අයුරු.

ශ්‍රී ලංකා ඉරාන තානාපති මොහොමඩ් ෂයිරි අමිරානි (MOHAMMAD ZAERI AMIRANI) මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අතර හමුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව විශේෂ ඇගැයුමක් කළ තානාපතිවරයා සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඇමැතිවරයා කරගෙන යනු ලබන මෙහෙවරට ඇමැතිවරයාට විශේෂ ස්තූතියක් ද කළේය. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව තව තවත් දියුණු කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ඉරාන රජය නිබඳව ලබා දෙන බව ද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

නව අදහස දක්වන්න