ලෝක ශූර ශ්‍රී ලාංකික කැරම් කණ්ඩායම පාර්ලි‍මේන්තුවට | දිනමිණ

ලෝක ශූර ශ්‍රී ලාංකික කැරම් කණ්ඩායම පාර්ලි‍මේන්තුවට

ස්වර්ණා විජේකෝන්
සන්ධ්‍යා කරුණාරත්න

ලෝක ශූර ශ්‍රී ලාංකික කැරම් කණ්ඩායම ඊයේ (21) පෙරවරුවේ කතානායක කරු ජයසුරිය මහතාගේ ආරාධනයෙන් පාර්ලි‍මේන්තුව වෙත පැමි‍ණියහ.

ඔවුන් සභාගර්භය වෙත කැඳවා පාර්ලිමේන්තුවේ විශේෂ ගෞරවයට පාත්‍ර වුණු අතර,කතානායක නිල මැදිරියේ දී කතානායක කරු ජයසුරිය මහතා සමඟ සුහද සාකච්ඡාවක් ද පැවැත්විණි.

1996 දී ශ්‍රි ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ලෝක කුසලානයකට උරුමකම් කී දෙවන අවස්ථාව ලෙස කැරම් ලෝක කුසලානය දිනා ගැනීම වැදගත් වන බව පැවසූ කතානායකවරයා කණ්ඩායමට සිය සුබපැතුම් පිරිනැමීය.

කතානායකවරයා විසින් පිරිස වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරි නැමූ අතර 2012 වසරේ කේවල කැරම් ලෝක ශූරතාව දිනා ගත්, 2008,2016,2018 වසරවලදී කැරම් කණ්ඩායම් ලෝක ශූරතාව නියෝජනය කළ නිශාන්ත ප්‍රනාන්දු මහතාට කතානායක කරූ ජයසූරිය මහතා විසින් තිළිණයක්ද පිරිනැමීය.

නව අදහස දක්වන්න